සෑම විටම ලෙට්’ස් එන්ක්‍රිප්ට් ප්‍රජා සහාය හි ප්‍රශ්නවලට උත්තර දීමට උපකාර වීමට හැකිය. සිංහල භාෂාවෙන් අනන්‍ය සංසදයක් පවත්වා ගෙන යාම ද බොහෝ ඵලදායී වනු ඇත. ප්‍රජා සහායට දායක වීම මෙතරම් වැදගත් වන්නේ මන්දැයි පිළිබඳ මෙම ලඝුපත බලන්න.
ඔබට මෘදුකාංග සංවර්ධනය සඳහා දායක වීමට හැකිය. අපගේ සියළු කේත ගිට්හබ් හි ඇත.
සර්ට්බොට් යනු ස්වයංක්‍රීයව සහතිකයක් ලබා ගෙන වියමන අඩවියක් HTTPS වෙත පරිවර්තනයට ඔබගේ සේවාදායකයේ පසක වැඩ කරන පයිතන් පාදක මෙවලමකි. සර්ට්බොට් යනු බොහෝ අයට පළමුව භාවිතා කිරීමට අපි නිර්දේශ කරන අනුග්‍රාකයකි. තවත් බොහෝ තෙවන පාර්ශ්ව අනුග්‍රාහක විකල්ප තිබේ.
බෝල්ඩර් යනු ලෙට්’ස් එන්ක්‍රිප්ට් ස.අධි. (CA) ක්‍රියාවට නැංවීමකි. එය ACME කෙටුම්පත මත පදනම් වන අතර මූලිකව ගෝ භාවිතයෙන් ලියා ඇත. ‘උදව් වුවමනා’ කාරණා ලැයිස්තුව සහ දායක මාර්ගෝපදේශය ආරම්භයට හොඳ තැන් වේ.
මෙම වියමන අඩවිය සහ ප්‍රලේඛනය මෙතනින් වැඩිදියුණු කිරීමට හෝ පරිවර්තනයට උදව් කිරීමට හැකිය.